ලෝක ජනාවාස සතිය නිමිත්තෙන් ගෝනගල දිස්ත්‍රික්කයේ නිවාස වල ඉතිරි වැඩ කඩිනමින් නිම කිරීම සඳහා ලක්ෂ 669 ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් තම අධිකාරිය වෙත ලබා දී ඇතැයි කුරුණෑගල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිස්ත්‍රික් කළමනාකාර එන් කේ පී එස් නරසිංහ මහතා පැවසීය.
මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉසුරුපායේ දී පළවෙනිදා පැවැති අතර ඊට සමඟාමීව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියආරච්චි මහතාගේ උපදෙස් මත මෙම මුදල ලබා දී ඇතැයි ඒ මහතා කීය.
එම ආධාර මුදල් ලබා දී ඇති ආකාරය ගැන දිස්ත්‍රික් කලමනාකාරය නරසිංහ මහතා මෙසේ පැහැදිලි කළේය.
” පසුගිය වසර වල එනම් 2021 හා 2022 ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහනට සමගාමීව දිස්ත්රික්කයේ ග්රාම සේවා වසම් මට්ටමින් නිවාස 1696 සෑදීමට පියවර ගත්තා. නමුත් පැවති කොරොනා ව්‍යසනය හා රටේ තිබුණු ආර්ථික ගැටලු හමුවේ අපිට ඉන් ගෙවල් 731 ක වැඩ නිම කර ගැනීමට බැරි වුණා. ඒ ගෙවල් මෙම සතිය තුළ දී සාදා නිම කර පෙන්විය යුතුයි. ඒ සඳහා ලක්ෂ 261 ක මුදලක් අප වෙත ලබා දී තිබෙනවා.
විසිරි නිවාස ව්‍යාපෘතිය යටතේ ගෙවල් අණු දෙකක් සාදා ගැනීම සඳහා ලක්ෂ 408 ක මුදලක් ලබාදී තිබෙන බවත් සේවා අභිමානී නිවාස වැඩසටහන යටතේ ලක්ෂය සිට ලක්ෂ 10 ක ණය ආධාර යටතේ රාජ්‍ය සේවකයන්ට නිවාස සාදා ගැනීම සඳහා ලක්ෂ 100ක මුදලක් ලබාදී ඇති බවත් ඒ මහතා දත්තයන් තුළින් පෙන්වා දෙන ලදී. ඊට අමතරව මේ වන විට නිවාස සාදා ඇතත් අයිතිය පවරා දීමට නොහැකි වූ නිවාස සියයක් අදාළ පවුල්වලට හිමිකරුවන්ට මෙම ලෝක ජනාවාස සතිය තුළදී භාරදීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.