නිවසකට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස දොළොස්වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ඇතුළු වූ බින්තැන්න ප්ලාන්‍ටේශන් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ දොළොස් දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන නියෝග කළේය.
වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති අයෙකු නාරාහේන්පිට පොලීසිය ද වගඋත්තරකරුවන් කරමින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් පිළිබඳව සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව නාරාහේන්පිට පොලීසියට මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.