කැකිරාව වෙරුන්කුලම වැව ආසන්නයේ වෙඩි වැදීමකින් මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නකගේ මළසිරුරක් ඊයේ අලුයම කැකිරාව පොලිසිය සොයා ගෙන ඇත.

වෙරුන්කුලම වැවේ සිට මීටර් සීයක් පමණ දුරිනි මෑකරල් වගා කරන ලද කුඹුරු ඉඩමක ඇතින්න වෙඩි වැදී වැටී සිටියදී ප්‍රදේශවාසීන් දැක වනජීවි කාර්යාලය ට සහ පොලිසියට දැනුම් දී තිබේ.

එම ඇතින්නගේ හිසට වෙඩි වැදී සිටි බවත් ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කරමින් මෙම වෙඩි තැබීම සිදු කළේ ද යන්න සැක සහිත බවත් පොලිසිය කියයි.

මියගිය ඇතින්නිය ගැබ්බර බවට සැකකරන බව ද එය තහවුරු කර ගැනීම සිදු කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු බවද වනජීවි නිලධාරීහු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *