ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මුදලේ දෙවැනි වාරිකය රටට නොලැබීමේ කිසිදු අවදානමක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම අරමුදලේ යෝජනා අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ඇතුළු සංශෝධන ගණනාවක් ඉදිරියේදී කිරීමට නියමිත අතර ඊට මිත්‍ර රටවල් තුළ මිත්‍ර සංවිධාන තම රටට උදව් කරනු ලබන බවද සේමසිංහ රාජ්‍ය ඇමතිවරයා පැවසීය. රජයේ ආදායම් වැඩි කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කර සංශෝධනය කිරීමට පියවර ගන්නා බවද රජයට යම් බදු ප්‍රමාණයක් අහිමි වනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා තීන්දු තීරණ ගන්නා බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *