කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශයට ඊයේ නියෝග කළේය.
එවැනි බෝම්බ ප්‍රහාරයක් කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට එල්ල කිරීමට සූදානමක් ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවට ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි රැදවුම්කරුවන් විසින් එම බස් රථයෙන් පිටතට විසි කරන ලද කොළ කැබැල්ලක මෙම ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු සටහන තිබී ඇති බවද අධිකරණයේදී හෙළි විය.