ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පෙරේදා රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියේය.

ධනුෂ්ක ගුණතිලක සමග විදේශීය තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් පෙර එදා දින රාත්‍රී 10:55 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල් – 607 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබිණි

ගුවන් තොටුපළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ දනුශ්ක ගුණතිලක,

මෙම මාසයක 6ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ තමන් සමඟ සිටි සියලු සියළු දෙනාටම ස්තූතිය පිරිනමන බව පැවසීය.

එසේම එම කාලය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව ද බව ද ඔහු පැවසුවේ ය.

එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය පුහුණුවීම්වල නිරත වීමට කටයුතු කරන බවද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *