ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති ධූරය දැරූ මොහොමඩ් උවයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදු වූ බවත් වසර ගණනාවක් පාඩු ලැබූ ආයතනයක් තමාගේ මගපෙන්වීම යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කිරීමට හැකිවීම ගැන තමාට මහත් සතුටක් ගෙන එන බව මවුබිම කළ විමසුමකදී මොහොමඩ් උවයිස් මහතා පැවසීය. මීට අදාළ ලිපිය විදුලි හා බලශක්ති ඇමති කංචන විජේසේකර මත ලබා දී ඇති අතර මාස දහ හතරකට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවක දී ම ධූරය භාර ගෙන ඔහු විසින් කරන ලද කැපවීම සහ සේවයට ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *