අධයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 2024 වසරේ ජනවාරි 4 වැනිදා සිට 31 වැනි දා දක්වා පැවැත්වීමට තීරණය කොට ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය.
විභාගය පැවැත්වීමට අදාල සංශෝධිත කාලසටහන ඉදිරියේ දී ප්‍රසිද්ධ කිරීමට නියමිත බව ද ඔහු සදහන් කළේය.
මේ විභාගය සදහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින මෙතෙක් ඒ සදහා අයදුම් නොකළ අයදුම්කරුවන්ට ඔක්තෝබර් 6 වැනිදා සිට 10 මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසා ඇතැයි ද විභාග කොමසාරිස් ජෙනරාල් අවධාරණය කළේය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි යැයිද හෙතෙම යැයි ද හෙතෙම පැවසීය.