තමා නැවත රට පාලනය නොකරන බවත් අලුත් නායකයකු යටතේ රට ඉදිරියට යා යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නැති බවට ජනාධිපති වරයා විදෙස් මාධ්‍යට කළ ප්‍රකාශය නිවැරදි බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

සමාජ මාධ්‍ය වාරණය ට මැතිසබයේදීද අත් ඔසවන්නේ නැතැයිද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසීය.

රටේ ජනතා අමාරුවෙන් ජීවත් වන බවත් ඔවුන්ට පිහිට විය යුතු බවත් රාජය පාලනය සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට උපදෙස් දීමට තමා සූදානම් බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

තම රට පාලනය කළ කාලයේ ප්‍රශ්න ඇති නොවූ බවද හිටපු ජනාධිපතිවරයා කීය.

ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ඉටු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *