ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි ඇෆ්ගනිස්තාන බලධාරීන් වාර්තා කරයි.
බටහිර ඇෆ්ගනිස්තානයට රික්ටර් මාපක 6.3 ක ප්‍රභලත් වෙන් යුතු භූ කම්පනයක බලපෑම් එල්ල විණි.
ඉන් නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර දශක දෙකකට පසු ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබලම භූ කම්පනය මෙය බවද වාර්තා වේ.
සුන්බුන් අතර විශාල පිරිසක් මේ වන විටත් සිර වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මරණ ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.