විධායක බලයට කෑදර වූ රනිල් – බැසිල්ලාම බලය වෙනුවෙන් විධායකය අහෝසි කරන්න සූදානම් බව ජාතික ජන බලවේගය නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

විධායක ජනාධිපති ධූරය ඔවුන් මෙතෙක් ආරක්ෂා කළේ තමන් සතු වටිනාම දෙය ලෙස බව මුළු රටම දන්නා නමුත් ඔවුන්ගේ බලය තබා ගැනීමේ අන්තිම තුරුම්පුව විධායකය අහෝසි කිරීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“රනිල් බලය රැකගන්න අවසන් සූත්‍රයට සූදානම් වෙනවා. ඒ තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එක. රනිල්ගේ දුර කාලයේ තිබෙන්නේ ලබන අගෝස්තු දක්වා. හැබැයි විධායක අහෝසි කළොත් පාලිමේන්තු දුර කාලයේ 2025 ඔක්තෝබර් දක්වා තිබෙනවා. එතකොට විධායක ජනාධිපතිධූරය නෑ. පාර්ලිමේන්තු බලය ඒගොල්ලො ගාව. ඒක 2025 ඔක්තෝබර් දක්වා තිබෙනවා. රනිල්ලා බැසිල් රාජපක්ෂලා කල්පනා කරනවා ලබන අවුරුද්දේ අගෝස්තු වලින් ගෙදර යන්න තියෙන එක 2025 ඔක්තෝබර් දක්වා ඉන්න. මේ විධායක ජනාධිපති ධුරය වෙනුවෙන් බොරුවට පෙනී හිටපු නායකයෝ. මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ජනාධිපති ධූරය දුර්වල කරපු 19 වන සංශෝධනය ගෙනාවා. ඊට පස්සේ විධායක ජනාධිපති බලය ශක්තිමත් කරන 18 ගෙනවා. ඊට පස්සේ 2020දී විධායක බලය වැඩි කරන 20 ගෙනාවා. දැන් එකපාර විධායක ජනාධිපති ජනාධිපති ධුරය මේගොල්ලන්ට අප්සට් වෙලා. අන්තිම දක්වා ට්‍රයි කරන ට්‍රයි කිරීම බලන්නකෝ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *