මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර් වල තමාගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
ඒ අනුව මඩකලපුව චෙන්කලඩ් මධ්‍ය මහා විද්‍යාලය අසල ජනාධිපතිවරයාගේ රුව සහිත ප්‍රදර්ශනය කර තිබු විශාල කටවුට් ඉවත් කරන ලෙසට හෙතෙම උපදෙස් දී ඇත.
මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට එහි ගොස් සිටියදී පෙරේදා රාත්‍රියේ කටවුට් දැක ඇති ජනාධිපතිවරයා එම අවස්ථාවේම ඉවත් කරන ලෙසට දැනුම් දී තිබේ.
මේ අතර මඩකලපුව චෙන්කලඩ් මධ්‍ය මහා විද්‍යාලයේ 149 වැනි සංවත්සර උත්සවයට ඊයේ පෙරවරුවේ සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර් වලට තමාගේ ඡායාරූපය යොදා නොගන්නා ලෙසට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා පෝස්ට් වලට තමා ගේ ඡායාරූප යොදා ගැනීමෙන් වළකින ලෙසට අනෙකුත් දේශපාලන නායකයන් ද ඉල්ලා සිටියේ ය.
අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම මිස සටන්පාඨ දේශපාලනය නොවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සටන්පාඨ දේශපාලනය අගාධයට ඇද දැමූ බව සඳහන් කළේය. තමා සමග සටන් පාඨ සහ කටයුතු දේශපාලනයට විරුද්ධ බවත් අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.