වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නවයක් සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 2,03,159ක වියදමක් දරා තිබූ අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පැවති දුර්වල කළමනාකරණය හේතුවෙන් සැලසුම් කළ පරිදි නිමා කිරීමකින් තොරව ව්‍යාපෘතිය අතහැර දැමීමට සිදුව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාව සඳහන් වේ.
මෙකී ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති හතක ප්‍රගතිය සියයට බින්දුවේ සිට සියයට 13.16 ක පමණ අවම මට්ටමක පැවති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී ව්‍යාපෘති 9 සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 3,33,569ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන හයසිය අනුවක් විය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ නිර්දේශ ප්‍රකාරව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් 2023 ජනවාරි මස 13 වන දින වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කොට තිබූ ලිපියට අනුව 2023 වර්ෂයේ සිට මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට තීරණය කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකී ව්‍යාපෘති අතරින් තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය, දෙමට ගාල්ල හා කුඩා විලච්චිය වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය, කුබුක්කන් ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යන ව්‍යාපෘති සඳහා මෙතෙක් දරා ඇති පිරිවෙන් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබිණි. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කාලය වසර හතක් මාස හයක් වී තිබේ. මෙකී ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 1,50,562ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.