තානාපතිවරු ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවසීය.
එම කමිටුවේ අනුමැතිය මෙසේ හිමි හිමිවූයේ තානාපතිවරියක, මහකොමසාරිස්වරයෙකු, අමාත්‍යංශ ලේකම්වරයකු සහ ආයතන ප්‍රධානීන් සිව් දෙනකු පත් කිරීමට ය.
ඒ අනුව එම්.ඒ.එම් වෙනින්ගර් මහත්මිය ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද, ඩබ්ලිව් එම් ධර්මපාල මහතා බංගලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ලෙස ද පත් වීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.
මෙයට අමතරව ඒ.එම්.බී.පී. හේරත් මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්වරිය කීවාය.
තවද විශ්‍රාමික මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ද, ආචාර්ය ඩබ්ලිව් එම් හෙට්ටිගේ මහතා ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ද, පතිරණ මහතා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කිරීමටද, විජේසේකර මහතා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව ය සභාපතිවරයා ලෙස පත් කිරීමට දැම්ම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිය විසි දෙවැනිදා රැස්විය. මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුන් ද සහභාගි වූහ.