දුම්රිය උප නියාමකවරයෙකු හා ආරක්ෂක නිලධාරියෙකු අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් දුම්රිය නියාමක සංගමය පෙරේදා දහවල් ආරම්භ කළ හදිසි දුම්රිය වර්ජනය ඊයේ පෙරවරුවේ අත්හිටවූහ.
රාජය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් දුම්රිය මූලස්ථානයේ දී ඊයේ පැවති සාකච්ඡාවක දී ඇති කරගත් එකගතාවය එම වර්ජනය අත්හිටුවා ඇත.
මේ අතර අසනීප නිවාඩු වාර්තා කළ දුම්රිය උප නියාමකයන් ඊයේ දහවල් සිට නැවත සේවයට වාර්තා කළ අතර දුම්රිය ධාවනය ඊයේ පස්වරුව වන විට සාමාන්‍ය තත්ත්වයට පත්විය.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ දුම්රිය ආරක්ෂක යා ගේ වැඩ තහනම් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සහ පොලිසිය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
වැඩවර්ජනය හේතුවෙන් ඊයේ පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාලය දුම්රිය ගමන් වාර තිහකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කළ බව එම නිලධාරියා සඳහන් කළේය.
දුම්රිය නියාමක සංගමය පෙරේදා ආරම්භ කළ හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය මගීහු දැඩි පීඩාවට පත්වූහ.