ඌරු මස් පරිභෝජනය කිරීම හේතුවෙන් මෙරට තුළ නිපා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බව පසුසම්පත් විශේෂඥ අවධාරණය කරති.
එසේම නිපා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ අවදානමක් නොමැති වීම නිසා ඌරු මස් පරිභෝජනය කිරීමට බිය යුතු නැතැයි ද ඔවුහු පවසති.
එම වෛරසය වැළඳුන රෝගීන් මෙතෙක් වාර්තා වී නොමැති බවද ප්‍රකාශ කළ ඔවුහු ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ රෝග ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කරන බවද කීය.
මේ හේතුවෙන් එම වයිරසය ලංකාවට ඇතුල් වීමට ඇති ඉඩකඩ ඉතා අල්ප බව ද ඔවුහු පවසති.
සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි වෛරසයක් ලෙස සැලකෙන මෙය ආසාදිත සතුන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔහුගේ පටක, ශරීර තරල සහ මළ මුත්‍රා මගින් මිනිස්සුන්ට බෝ වන බවට හඳුනාගෙන තිබේ.