ඇමති නසීර් ට එරෙහි තීන්දුවෙන් පසුව පොදුජන පෙරමුණේ සාකච්ඡාවක්
ඒ අනුව පක්ෂයට හානි කරන එවැනි පුද්ගලයන්ට දැඩි නීති ක්‍රියාමාර්ග ගත යුතු බවට එහිදී යෝජනා වී ඇති බවට දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව මෙම විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කරමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳ අධ්‍යයනය විශේෂ නීතිඥ කණ්ඩායමකට දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දැන්ම එළිදැක්වීමට තම පක්ෂ නායකයන් තීරණය කර නැති බවද නිසි අවස්ථාවේදී ම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පත්කරන බවද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසීය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැති බව ද සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසීය.
තම පක්ෂය විධායක ජනාධිපතිවරණය පිළිබදව මතයක් පළ කර නැතැයිද ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම පක්ෂය කැප වන බව ද මෙම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.