බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන් ගුවන් පාලම කඩා ඉවත් කර මාස 5ක් තුල නව ගුවන් පාලමක් ඉදි කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට දැනුම් දී තිබේ.
එතෙක් දින දහයක් ඇතුළත තාවකාලික ප්‍රවේශ මාර්ගයක් ඉදිකර මගීන්ට දුම්රිය ස්ථානයට පිවිසීමට පහසුකම් සලසා දෙන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
හදිසි අවශ්‍යතාවයක් සේ සලකා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට අදාල කාර්ය පවරන ලෙසත් ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.
ඒ අනුව තාවකාලික පිවිසුම් මාර්ගයේ සහ නව ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු ඊයේ දිනයේ සිට ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම් එම් පී කේ මායාදුන්නේ වෙත උපදෙස් දී ඇත.
මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතියේ නිර්මාණ හා ඉදිකිරීම් ඉදිකිරීම අධීක්ෂණය කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.