පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය පොලිස් ඇතුළු රහස් පරීක්ෂණ කණ්ඩායම් ලබා දී ඇති වාර්තා තමන්ට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීම් කරයි.

‘ඩොයිශ් වෙල්’ රූපවාහිනී නාලිකාවේ මාටින්ගෙ සමඟ ඉකුත් දා කළ සම්මුඛ සාකච්ඡාවක දී ෆෙඩරල් විමර්ශන කාර්යාංශය, බ්‍රිතාන්‍ය පොලිසිය, ඕස්ට්‍රේලියානු, ඉන්දියානු, චීන හා පොලිස්ථාන කලාව පරීක්ෂණ කණ්ඩායම් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා දී ඇති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මත පදනම්ව කතෝලික රදගුරු සමුළුව මේ ඉල්ලීම කර ඇත.

මේ පිළිබඳව කතෝලික රදගුරු සමුළුව සහ ජනතාවගේ අවධානයට යොමු කොට ඇත්තේ ප්‍රථම වතාවට නිසා එම වාර්තා වල පිටපත් තමන් සමඟ බෙදා ගන්නේ නම් එය ඉතා අගය කරන බවද කතෝලික රදගුරු සමුළුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *