පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල රුපියල් 50 කින් පහත හෙලීමට හැකළීමට හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධාන කැඳවුම්කරු ආනන්ද පාලිත මවුබිමට පැවසීය.

රජයේ සෑම ඉන්ධන ලීටරයකින් ම සියයට 6 ක ශුද්ධ ලාභයක් ලබන බවත් ආණ්ඩුවක් කළ යුත්තේ ජනතාවට සහන දීම බවත් ඔහු සදහන් කළේය.

මිල සූත්‍රයක් ඒ පවසමින් විටින් විට මිල වැඩි කරන බවත් මේ හේතුවෙන් මෙරට තරගකාරී වෙළෙඳ පොළට පැමිණෙන සිටින විදෙස් ඉන්ධන සමාගම් ද අසීමිත ලාභයක් උපයන බව ද ඔහු පැවසීය.

මීට ඉහත දී ආණ්ඩුව ඉන්ධන අලෙවි කළේ පිරිවැය ආවරණය කරමින් බවත් මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළු කඩයක් බවට පත්ව ඇති බවත් ඔහු කීය

ඩීසල් මිල අසීමිත ලෙස ඉහළ යාම මෙරට ප්‍රවාහනය ඇතුළු භාණ්ඩ සේවා මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව බවද ඔහු මවුබිමට පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *