ලබන වසරේ පාසල් නිවාඩු කාලය අඩු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසීය.

අතපසු වූ සියලු විෂය ආවරණ කටයුතු 2024 වසර තුළ සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බැවින් මෙසේ නිවාඩු කාලය අඩු කරලීමට සිදුවන බවද බව ද ඇමතිවරයා සඳහන් කළේය

උසස් පෙළ විභාගය පැවතුනද ලබන ජනවාරි වල පවා ප්‍රාථමික පන්ති පවත්වා ගෙන යාමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව ශිෂ්යත්ව විභාගය සමතුන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මේ බව කීය.

ඉදිරියේදී සියලුම සිසුන් පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන බවත් ඒ අනුව සිසුන් දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය වන බවත් ඇමතිවරයා පැවසීය

ජනප්‍රිය පාසල් වලට ඇතුල් වීමේ අවස්ථා ලබාදීමට පවත්වන පහවසර ශිෂ්‍යත්ව විභාගයට පාසල් වල දරුවන් යොමුකරවීම පල රහිත ක්‍රියාවක් බවත් එමගින් අනවරත විභාග තරග කාරීත්වය තවදුරටත් උත්සන්න වන බවත් හෙතෙම සඳහන් කළේය.

ප්‍රාථමික පංතිවල සිසුන් සදහා දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කරගැනීම ප්‍රායෝගික නොවන බවද ඔහු කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *