ගස් කඩා වැටීම්, ගංවතුර හා නියං වැනි ස්වාභාවික ආපදා හමුවේ විපතට පත් මහජනයාට සහන සැලසීමේ දී පළාත් පාලන මහජන නියෝජිතයන් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඊයේ පැවසීය.
කොළඹ නගරයේ ගස් කැපීමට යොදා ගන්නා මැෂිම ක්‍රියාත්මක කිරීම සඳහා කණ්ඩායමක් පුහුණු කළත් නිසි ලෙස එම කටයුත්ත සිදු නොවූ බැවින් අනවශ්‍ය ගස් කැපීම් පසුගිය කාලයේ සිදු නොවීම ඊට එක් උදාහරණයක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
මෙම පරිපාලන කටයුතු ක්‍රමවත්ව සිදු නොවන්නේ පළාත් පාලන ඡන්දය අවශ්‍ය වේලාවට නොපවත්වා කල් හැරීමෙන් බවත් රජයේ නිලධාරීන්ට පමණක් යටිතල පහසුකම් නඩත්තු කිරීමේ වගකීම ගැනීමට නොහැකි බවත් ඔහු කීය.
එබැවින් කොල්ලුපිටිය නාගරික කොට්ඨාසය තුළ බසයක් මතට ගසක් කඩා වැටීමේ අනතුරේ වගකීම රජය භාර ගත යුතු අතර මෙවැනි අනතුරු සිදුවීම ඇතුළු මහ ජනතාවගේ එදිනෙදා කටයුතු සිදු කර ගැනීමටත් මෙය බාධාවක් වී ඇතැයි හෙතෙම පැවසීය.