කොළඹ මහ නගර මහ නගර සභා සීමාවේ අනාරක්ෂිත ගස් කප්පාදුවට ගෙනා යන්ත්‍රය භාවිතයට ගත නොහැකි වූයේ ශාක විද්‍යාඥයෙකු නොමැති වීමෙන් බවට හා රාජ්‍ය නිලධාරීන් කරන ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය යැයි ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ඊයේ පැවසීය.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලය හැරුනුවිට කොළඹ නගර සීමාවේ කිලෝමීටර් 50 ක සීමාවේ සියලුම විශ්වවිද්‍යාල වල ශාක විශේෂඥයන් සිටින්නේ යැයි ආචාර කාර්යවසම් අවධාරණය කළේය
ලංකාවට ශාක විශේෂඥයන් කිසිදු අඩුපාඩුවක් නැතැයි කී හෙතෙම මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ කිරීම ගැන රාජය නිලධාරීන් ලැජ්ජාවට පත්විය යුතු යැයි කීය.
යම්හෙයකින් කොළඹ මහනගර සභාවට ශාක විශේෂඥයකු සොයාගත නොමැති නම් ඊට අවශ්‍ය ප්‍රමාණිකයෙකු සොයා ගැනීමට තමන්ට හැකි යැයි මහාචාර්යවරයා පැවැසීය.
බුද්ධිමය දායකත්වයක් නැති නිසා යන්ත්‍ර භාවිතා නොකළ බව කී රජය මේ වන විට කඩා වැටුණු ගසට මුවාවී ඉවක් බවක් නොමැතිව කොළඹ නගරයේ ගස් කැපීමට පටන් ගෙන ඇතැයි ද ඔහු චෝදනා කළේය.
ලංකාවේ මේ වන විට වන වැස්ම සියයට දහසයක් දක්වා අඩු ව තිබියදී පසුගිය වසර දෙකක දී පමණක් වනාන්තර අක්කර 1,32,364.00 පෞද්ගලික අයිතියට පවරා ඇතැයිද ඔහු කීවේය.
එවැනි පසුබිමක එක ගසක් කඩා වැටුණේ ඇයි කියා සියලු ගස් කපා දැමීමෙන් පිළිවෙතකට අවතීරණ වීම එක මකුලක වෙනුවෙන් සියලුම මකුණන් මරා දැමීමක් හා සමාන යැයි කාරියවසම් මහතා සඳහන් කළේය. ශාක විශේෂඥයකු නොමැති එයිකියා මහජන මුදලින් මිලට ගත් යන්ත්‍රයක් වසර හතක් තිස්සේ නගර සභාවේ දිරාපත් වීමට ඉඩ හැරීම ජාතික අපරාධයක් එය ද එය පැහැදිලිවම දූෂණයක් යැයි ද යැයිද කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කළේය.