ධීවර යාත්‍රාවක් මගින් ශ්‍රී ලංකාවට හෙරොයින් ග්‍රෑම් 80 ක ප්‍රමාණයක් රැගෙන ඒම, මත්ද්‍රව්‍ය තොගය සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබූ ඉරාන ජාතිකයන් නම දෙනෙකුට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. මෙම විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ සිය වරද පිළිගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙලෙස දඬුවම් නියම කළේය.
මෙම නඩුව ඊයේ දින කැදවූ ලැබූ අවස්ථාවේදී සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් තම සේවාදායකයන් විසින් සිය වරද පිළිගන්නා බවට අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රකාරව එකී සිර දඬුවම් ලබාදීම සඳහා ඔවුන්ගේ මව් රට වන ඉරානය මෙත පිටුවහල් කිරීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරුවරයා නියම කළේය.