ඊශ්‍රායලය විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන දෙන්න

ජනාධිපති කියයි.

ඊශ්‍රාලයට සිදු වූ ප්‍රහාර වලින් විපතට පත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහන සලසන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව සහය අවශ්‍ය ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට 01179663396 යන දුරකථන අංකය, 0767463391 යන වට්සප් අංකය හෝ opsenga@gmail.com විද්‍යුත් තැපෑල මගින් අවශ්‍ය උපකාර ලබාගත හැකි බව ජනාධිපති කාර්යාලය සදහන් කළේය. ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන්ගේ සුබසාධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ කම්කරුවා විදේශ කම්කරුවා විදේශ රැකියා අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ඩොලර් විසි දහසක් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩොලර් දස දහසක් ලබා දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ගාසා තීරයේ හා ඊශ්‍රායලයේ ගොඩබිම් ප්‍රදේශය මායිම්වන කලාපයේ ශ්‍රී ලාංකිකයන් විසින්ද දෙනෙක් පමණ ජීවත්වන බවද එහි නිලධාරියෙකු සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *