ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව එකගතාවයකට එළඹුණු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය එලෙස ප්‍රකාශ කර සිටී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති හා කොන්දේසි සම්බන්ධයෙන් එලෙස එකගතාවයකට එලැබ ඇත.

අදාල එකඟතාව යටතේ එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඩොලර් බිලියන 4.2 පමණ ආවරණය වන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

එමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසාරත්වය ඇති කරගැනීමට හා ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවන බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *