ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මගී යාත්‍රා සේවය අද සිට ආරම්භ වෙයි. පළමු වගේ යාත්‍රාව ඉන්දියාවේ සිට අද පෙරවරුවේ මෙරට ළඟාවීමට නියමිත බව වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි. දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කස්න්තුරේ වරාය අතර මෙම මගී යාත්‍රා සේවය සිදුකරන බව සදහන් ය.
නාගපට්නම් සිටින මගීන් පනස් දෙනකු ගෙන් යුත් යාත්‍රාව අද පෙරවරු එකොලහයි තිහට පමණ කන්කසන්තුරේ වරාය වෙත ලගා වීමට නියමිත බව එම අමාත්‍යාංශය පැවසී ය.ඉන්දීය නැව් සංස්ථාව මගින් මෙම මගේ යාත්‍රා සේවය මෙහෙයුම් කටයුතු සිදු කරන අතර ආගමන විගමන කටයුතු සදහා කන්කසන්තුරේ වරායේ ප්‍රදේශයේ නව මගී පර්යන්තයක් ද ඉදිකර තිබේ