උතුරු කොරියාවෙන් පලා ආ වැසියන් විශාල පිරිසක් චීනය විසින් බලහත්කාරයෙන් නැවත උතුරු කොරියාවට පිටුවහල් කර ඇතැයි දකුණු කොරියාව පවසයි. මෙම ප්‍රකාශයත් සමග මානව හිමිකම් සංවිධාන විසින් චීනයට පළා ආ උතුරු කොරියානුවන් හයසීයක් පමණ දෙනා නැවත සිය රටට පිටුවහල් කිරීමට චීනය පියවරක් ගත් බවට කර ඇති ප්‍රකාශයක් තහවුරු කරන බව විදෙස් මාධ්‍ය පැවසීය.

මෙසේ චීනයේ සිට උතුරු කොරියාවට ට්‍රක් රථ වල පටවා යවන ලද උතුරු කොරියානුවන් ගෙන් බහුතරය කාන්තාවන් වන අතර ඔවුන්ට උතුරු කොරියාවේ ද සියලු ගතවීම්, අතවරයන් මෙන්ම පහරදීම් වලට පහර දීම් වලට ලක් වීමට සිදු වනු ඇති බව හියුමස් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *