විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමට නීති සම්මත කර ගන්නේ නම් ඊට පළමු හෝ ඊට සමගාමීව වහාම මහ මැතිවරණය පවත්වා ජන වරමකට ඉඩ දිය යුතු යැයි ප්‍රකට සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඊයේ පැවසීය.

එසේ නොමැතිව ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමට නීති සම්මත කළහොත් 2025 වෙනතුරු කිසිම මැතිවරණය පවත්වන්නේ නැතැයිද හෙතෙම කීවේය.

2017 දී පළාත් සභා මැතිවරණයට මේ ආකාරයෙන්ම සංශෝධනයකින් කල් දැමූ බවද සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා ඉන් පසු පළාත් පාලන මැතිවරණයට ද අදාළ සීමා නිර්ණ කමිටුවක් පත්කළ බවද සඳහන් කළේය.

කඩිමුඩියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කරමින් සීමා නිර්ණ කමිටු දැමුව ද මේ වන විට එම සීමා නිර්ණයන් අනුව පළාත් පාලන ප්‍රදේශ වෙන් කරන්නේ යැයි කිසිවෙකු සොයා බලන්නේ නැතැයි ද ඔහු කීවේය.

ආණ්ඩුවක විධායක ජනාධිපති ක්‍රමය සද්භාවද්භාවයෙන් නම් පළමුව කළ යුත්තේ ජනවරමට ඉඩ ලබා දී නැවුම් පාර්ලිමේන්තුවක් පත්කර ගෙන ඉන්පසු ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමට කටයුතු කිරීම යැයි ද සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා එවිට කාටවත් සැකයක් ඇතිවන්නේ නැතැයිද පැවසීය.

1994 සිට සෑම ජනාධිපතිවරණයක දී ම ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යැයි කියන මාතෘකාව කරළියට පැමිණියද මේ දක්වා එවැන්නක් සිදුවී නැතැයි ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *