ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා ලෝක ආර්ථිකය ඇකිලිය හැකි බවත් ඉන්ධන මිල ද ඉහළ යා හැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ පැවසීය. පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ අදහස් දැක්විය. ඔහු මෙසේ ද කීවේය. අරාබි රටවලුත් මේ පලස්තීන ඊශ්‍රායල් ගැටුම මැදිහත් වෙන්න පුළුවන්.
එහෙත් එහෙම වුනොත් ඊශ්‍රාලයේ තෙල් ලිං ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ තිබෙනවා. ඉන් නිෂ්පාදනය බිඳ වැටෙනවා. දෙසැම්බර් ජනවාරි කියන්නේ යුරෝපයේ ශීත කාලය හෙවත් තෙල් මිල ඉහළ යන කාලය. මේ ගැටුමත් සමග යුරෝපයේ තෙල් තොග එක්රැස් කිරීමට ඉඩ තිබෙනවා. ඒ වගේම මේ යුද කලාපයේ ගමන් ගන්නා නැව් සිය ආරක්ෂණ වාරික ඉහළ දමා තිබෙනවා. ඒ පිළිවෙලත් අවසානය තෙල් මිලට එකතු වෙනවා. මේ කාරණා නිසා තෙල් මිල ඉහළ යන්න පුළුවන්. එමගින් සියලු භාණ්ඩ වල මිල ඉහළ යනවා.
මේ නිසා ලෝක ආර්ථිකය හැකිලෙනවා. අපේ සංචාරක ව්‍යාපාරය, මෙරටට ලැබෙන විදෙස් ආයෝජන කඩා වැටෙනවා. අපට ඇති විදෙස් රැකියා අවස්ථා අඩු වෙනවා. ඒ වගේම අපේ අපනයන භාණ්ඩ වලට ඇති ඉල්ලුම ද අඩු වෙනවා. මේ යුද්ධය දිග්ගැස්සුනු අපේ ආර්ථිකය සංවර්ධනය වීමේ අවස්ථාව අපට අහිමි වෙනවා. මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ ප්‍රචාරක ලේකම් අංජන උදාර, මහරගම ආසන සංවිධායකයෙක් කිංස්ලි නිහාල් යන මහත්වරුන් ද එක් වූහ.