නාගරික සංවර්ධන සැලසුම් සකස් කරන අදාල නිලධාරීන් කළ යුත්තේ මහජනතාව අපහසුවට පත් නොකර නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම මිස ඉඩම් ගනුදෙනු නොවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී නාගරික සංවර්ධන අධිකාරිය මහජන පහසුව හා දියුණුවට ප්‍රමුඛත්වය දෙමින් නගර සැලසුම් සකස් කිරීම සිදුකළ යුතු බව අගමැතිවරයා අවධාරණය කළේය.

පාසල් රෝහල් ,විහාරස්ථාන මහජනතාව නිවාස ඉදි කරන ප්‍රදේශ සදහා නිසි සැලසුම් ඉදිරිපත් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ වගකීමකි. ඉඩම් මිලදී ගැනීම හෝ විවිධ ව්‍යාපෘති වලට ඉඩම් වෙන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති රාජකාරියක් නොවන බැවින් නිසි පරිදි රාජකාරිය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස කැමති වරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.

බොරැලැස්ගමුව වැවේ ආක්‍රමණික ලෙස ව්‍යාප්ත වන ජපන් ජබර ශාක නිසා මතුව ඇති තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගත් අගමැතිවරයා පෙන්වා දුන්නේ කොළඹ නගර සභාව නැනෝ තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන ව්‍යාපෘතිය ආදර්ශයට ගෙන දිවයිනපුරා ජපන් ජබර ශාකය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම සඳහා ව්‍යාපෘති දියත් කළ හැකි බවයි.

හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඇමති ඉසුරු දේවප්‍රිය හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සලෝචන ගමගේ, රජයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *