මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි. එම රෝගය වලක්වා ගැනීම සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික, මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතා කියයි.
ඔහු මෙසේ ද කීවේය.
මෙම රෝගය නිසා ඇස්වල වේදනාකාරී තත්ත්වයක් සහ ඇස් විවෘත කිරීමේ අපහසුතාවය, කදුලු ගැලීම, කබ ගැලීම, සහ ආලෝකය දෙස බැලීමේදී ඇස්වල අපහසුතාවක් ඇතිවීම සිදුවිය හැකිය.
රෝගී මූලික අවස්ථාවේදී ඇස කැසීම වැනි රෝග ලක්ෂණ දක්නට තිබෙනවා. විශේෂයෙන්ම මෙම රෝගීන්ගේ රෝගී ඇසක ශ්‍රාවයන්, නිරෝගී ඇසක ස්පර්ශවීම නිසා රෝගී වීමට හැකියි. මේ හේතුව ගැන විශේෂයෙන් පාසල් දරුවන් සැලකිලිමත් විය යුතුයි.
මෙම රෝගය බෝවීම පාලනය කරගැනීම සදහා මුහුණ ඇල්ලීමෙන් සෑමවිටම වැළකී සිටීම, ඇස් මුහුණ ඇල්ලීම සිදු කරන නම් නිතර සබන් යොදා අත් සෝදා පිරිසිදුව තබා ගැනීම සහ රෝගීන් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවද බව ද රොෂාන් කුමාර මහතා පවසයි.
ඊට අමතරව හැකි සෑම විටම විෂබීජ නාශක යොදා යොදාගත් එක සිදු කර ගැනීම වැදගත් බවත් ඔහු කියයි. රෝග ලක්ෂණ පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වන අතර දේශීය අත් බෙහෙත් හෝ වෙදකම් කිරීම නිසා රෝගය උත්සන්න වීම සහ වෙනත් ද්විතීක ආසාදන ඇතිවීමේ අවදානමක් පවතී.
එසේම රෝගය පාලනය කර කරගැනීම සදහා රෝගය අධික වශයෙන් බොහෝ වන කාලය, කාල සීමාව තුළ දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටිය යුතු බව යෝජනා කරයි.