මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගතවූ මාස 9ක් කාලයේදී දිවයිනේ ලාදුරු රෝගය 1335 දෙනකු වාර්තා වී ඇති අතර ඉන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.
මෙම වර්ෂයේ දී දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම ලාදුරු රෝගීන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 238 දෙනෙකුද ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් එකසිය විසි දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 114 දෙනෙකු වාර්තා වී ඇති බව එම ව්‍යාපාරය පවසයි. මෙම වර්ෂයේ සැප්තැම්බර් 30 වැනිදා තෙක් වාර්තා වී ඇති ලාදුරු රෝගීන් 1335 දෙනාගෙන් එකසිය විසි දෙනෙකු කුඩා ළමුන් බව වාර්තා වී තිබේ. බස්නාහිර පළාතේ ලාදුරු රෝගයේ පැතිරීම වැඩි වීමක් දක්නට ලැබීම හේතුවෙන් ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරු පවසති.