කළමනාකාරිත්වය අකාර්යක්ෂමතාව හේතුවෙන් දක්ෂිණ මාර්ග සම්බන්ධ කෙරෙන ව්‍යාපෘතිය සඳහා ලබාගෙන තිබූ ණය මුදලින් රුපියල් මිලියන 478 ක මුදලක් ව්‍යාපෘතිය සඳහා ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙකී ව්‍යාපෘතිය සදහා ණය පහසුකම් සපයා තිබූ අතර මෙකී ආයතනය විසින් ණය අවසන් දිනය දීර්ඝ කර තිබුණි. එහෙත් කළමනාකාරිත්වය අකාර්යක්ෂමතාවය හේතුවෙන් ණය කල් ඉකුත් වීමට පෙර සම්පූර්ණ ණය පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට ව්‍යාපෘතිය මගින් කටයුතු කර නොතිබිණි. ණය පහසුකම් පලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ මෙකී ව්‍යාපෘතිය කළමනාකාරීත්වය විසින් විගණනයට සදහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ශේෂය භාවිතා කිරීමට අනුමත කර ණය මුදල් භාවිතා කිරීමේ කාලය ඉකුත් වර්ෂයේ දෙසැම්බර මස 31 වැනිදා වෙනිදා දක්වා දීර්ඝ කළ බවයි. එහෙත් ණය මුදල් භාවිතා කිරීම 2022 හයවෙනි මාසයේ තිස් වෙනිදා දක්වා සීමා කර තිබූ බැවින් මෙම ණය මුදල නොගෙවා ණය මුදල අවසන් කිරීමට කටයුතු කළ බව ය.