හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික අමානුෂීය ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුළු රටවල් 36 කට අයත් විදේශිකයන් දෙසීයකට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායලයේ පිහිට විවිධ රටවල තානාපති කාර්යාල හා විදේශ අමාත්‍යාංශය මගින් මේ බව තහවුරු කර ඇත.

අදාල රටවල් 36 අතර ඇමරිකාව බ්‍රිතාන්‍ය කැනඩාව රුසියාව ප්‍රංශය යුක්‍රේනය ජර්මනිය ඉතාලිය බ්රසීලය අයර්ලන්තය චිලී රාජ්‍යය නේපාලය කාම්බෝජය පිලිපීනය ටැන්සානියාව ඔස්ට්‍රියාව ආදී රාජ්‍යයන් ද වේ.

මිය ගිය පිරිසට අමතරව තවත් සිය ගණනක් පිරිසක් අතුරුදහන්ව සිටින බවද එම රටවල් නිවේදනය කර තිබේ.

ඇමරිකන් පුරවැසියන් එකොළොස් දෙනෙක්, තායිලන්ත පුරවැසියන් 18 දෙනෙක්, නේපාල වැසියන් හතක්, රුසියානුවන් 4, බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක්, මෙහිදී මරණයට පත්ව ඇතැයි ද සදහන් වේ.

මියගිය අයට අමතරව තවත් විශාල පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් ත්‍රස්තවාදීන් රදවා ගෙන සිටින බව ද එම රටවල් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *