යහපාලන ආණ්ඩුවට පෙර පැවති පාලන සමයේ ඉදිකිරීම් ඇරඹූ යාපනයේ ජනපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගර සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත.

කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රය අක්කර 29 ක භූමියකින් අයත් වන අතර එයින් අක්කර දොළහක ගොඩනැගිලි සංකීර්ණය පිහිටා තිබේ.

ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින්ම SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.

ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කට දාහතක ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනම මත ස්ලිට් ආයතනයට බදු පදනම ට ලබා දීමට තීරණය කෙරිණි.

දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පර්යේෂණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *