ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සදහා රජය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ ගිවිසුමට අත්සන් කර තිබේ.
විශේෂයෙන් ඵලදාව හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හඳුන්වා දීම මෙම ගිවිසුමට අනුව සිදු කෙරෙන එක් කාර්යයකි.
කෘෂි කර්මාන්තය දියුණු කිරීම සඳහා අදාල දත්ත අමාත්‍යංශ හතකින් ලබාගෙන මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නියමිත ය.
නව මෘදුකාංගයෙන් සෘජුවම පොහොර භාවිතයේ සිට ඵලදාව ලබා ගැනීම දක්වාත් ලබාගන්නා පලදාව සංරක්ෂණය කිරීම උදෙසාත් ගොවීන්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනු ඇත.
මෙරට කෘෂි කෘෂිකර්මාන්තය දියුණු කිරීම සදහා ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන අතර ක්ෂේත්‍රය දත්ත එකතු කිරීම, සහල් සහ අනෙකුත් බෝග වගාවන්ගේ පෝෂණය මෙහි වැඩි කිරීම මෙහි මූලික අරමුණයි.