පුරප්පාඩුව පවතින පරිසර ඇමැති ධුරය සදහා නව ඇමති වරයකු පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන සංචාරයෙන් පසුව තීරණය කරනු ඇතැයි වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු ඇමති නසීර් අහමඩ් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පරිසර අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

පුරප්පාඩු වූ පරිසර ඇමති ධූරයේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වන විට ජනාධිපතිවරයා වෙත පවරා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *