දින පහකදී ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවනින් බෝම්බ හයදාහක් හෙලා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.
එසේම මෙම ගුවන් ප්‍රහාර වලින් මිය ගිය පලස්තීනුවන් ගණන එක්දාස් පන්සීයක් ඉක්මවා තිබේ.
ඉකුත් 5 වැනිදා පෙරවරුවේ ඊශ්‍රායලය වෙත එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු මෙම ගුවන් ප්‍රහාර ආරම්භ විය. මේ අතර ගාසා තීරයෙන් පැය විසි හතරක් ඇතුළත ඉවත් වන ලෙස ඊශ්‍රායල් හමුදාව පලස්තීනුවන්ට දන්වා තිබේ.
මින් ඉදිරියට මෙතෙක් තිබූ ගාසාතීරය ක් යළි දැකගත නොහැකි යැයි පවසන ඊශ්‍රායල් රජය හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කරන බවද කියයි. හමාස් ප්‍රහාරයෙන් මිය ගිය ඊශ්‍රායල් වැසියන් ප්‍රමාණය 1,300 ක් ඉක්මවා තිබේ.
තුවාලකරුවන් ගණන 3300 ඉක්මවා ඇත. හමාස් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගිය හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් ප්‍රමාණය 150 ක් පමණ වේ.