මෑතක සිට පුරාවිද්යා උරුමයන්ට අනිසි බලපෑම් හා තර්ජන එල්ල වන බව ජාතික උරුමය සුරැකීම පිළිබඳ ශ්‍රී ලංකා පා විද්‍යාඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සංගමයේ සභාපති පුරාවිද්‍යාඥ ආචාර්ය ඩබ්ලිව් බෝහිංගමුව සහ සම ලේකම් පුරාවිද්‍යාඥය සුජාතා පෙරේරා යන අය ගේ අත්සනින් එම නිවේදන නිකුත් කර ඇත.
පුරාවිද්‍යා ආඥා පනතට අනුව වසර සියයක් ඉක්මන පැරණි ස්මාරක ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසියම් පරිච්ඡේදයක් නියෝජනය කරන බැවින් එම උරුමයන් ආරක්ෂා කිරීම ජාතික වගකීමක් බව සදහන් කරයි එබැවින් සංවර්ධන කටයුතු සදහා මුළුමනින්ම කඩා දැමීම හෝ විනාශ කිරීමට ඉඩ හැරීම හෝ විවිධ ආගමික හා වෙනත් අවශ්‍යතා සඳහා අවභාවිතයේ යෙදවීම මෑතක සිට සුලබ කාරණයක් වී ඇතැයිද පවසයි. ජාතික උරුමයක් නැති කරන කවරෙක් වුවද නීති ප්‍රකාරව දඩුවම් ලැබියහැකි යුතු බවද එම නිවේදනය වැඩිදුරටත් සදහන් කර තිබේ.