එම ආයුධ අතර රුසියාවේ සහ එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවි, ජීව අත්බෝම්බ සහ වෙඩි නොවදින ඇඳුම් ද හමුවී තිබේ.
විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, බෝර 12 පතරොම් තුවක්කු දෙකක් හා ඊට යොදන පතරොම් විසිදෙකක්, විදුලි නොවන ඩෙටනේටර් නමයක් වෙඩි නොවදින ඇදුමක් සහ තහනම් පිහියක් එම ආයුධ අතර ඇති බව විශේෂ කාර්ය බලකාය කියයි.
වැල්ලවාය පොලිස් වසමේ ඇල්ල 1 කණුව ප්‍රදේශයේ නිවසක තිබී මෙම ආයුධ තොග සමඟ නිවසේ මුරකරුද විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇල්ල එක කණුව පදිංචි වයස අවුරුදු 63 ක අයෙකි.
උපකරණ තිබූ නිවස බලා කියා ගත් මෙම පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා වැල්ලවාය පොලිසියට භාරදී තිබේ. කිසියම් අපරාධයක් සදහම් ආයුධ ම නිවසට ගෙන එන්නට ඇති බව පොලිසිය සැක කරයි.