අධික වර්ෂා සහගත කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලෙ වාන් දොරටු හතරක් විවෘත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම විවෘත කරන ලද thotu හතරින් ජලය තත්පරයකට ඝන අඩි හත්දාහක් වික්ටෝරියා ජලාශයට මුදාහරින බව පොල්ගොල්ල මහවැලි වේල්ලේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රිශාන්ත ඩයස් පවසයි.

කාලගුණ තත්ත්වය තවත් අයහපත් වුවහොත් තවත් අමතක හදිසි වාන් දොරටු විවෘත කිරීම් කිරීමට ඉඩ ඇති බැවින් එම පහළ කොටසේ ජීවත් වන හා මහවැලි ගංගාව පරිහරණය කරන ජනතාව දැඩි විමසිලිවත් ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *