කුරුණෑගල දිස්ත්‍රික්කයෙ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයකදී සහකාර ශාලාධිපති වරයෙකු සිසුන්ගේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකවැරටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබේ.
මේ සහකාර ශාලාධිපති වරයා පසුගිය 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටි සිසුවකුට ලබාදීම සදහා උත්තර ලියමින් සිටියදී අනෙක් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇතැයි සදහන් කරමින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇතත් ඊයේ දිනය අවසන් වන විට එම වාර්තාව නොලැබුණු බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
සිද්ධිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලැබුණු පසු විභාග දෙපාර්තමේන්තුවට යොමු කර ඉදිරි විමර්ශන කටයුතු කරන බව එම නිලධාරියා සඳහන් කළේය.
මේ පිළිබඳව නිකවැරටිය අධ්‍යාපන කලාපයෙන් විමසීමේ දී විමසීමේදී නිලධාරියෙකු නිලධාරියෙකු සඳහන් කළේ පළාත් කාර්යාලයෙන් මෙම විමර්ශනය කරන බවත් අධ්‍යාපන කාර්යාලය මෙම විමර්ශනයේ කිසිවකට මැදිහත් නොවන බවත්ය.