ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අද ඊශ්‍රායලයට පැමිණියේය. එහිදී ඔහු සිය සහයෝගීතාව ඊශ්‍රායලයට ප්‍රකාශ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා විසින් අරාබි නායකයන් හමු වීම සදහා සඳහා කැඳවා තිබුණු රැස්වීම අවලංගු වී ඇති බව වාර්තා වේ.
ගාසා තීරයේ රෝහලකට ඊයේ රොකට් ප්‍රහාරයක් එල්ල වීමත් සමගම සමග මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊශ්‍රායෙල සංචාරය අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා තාවකාලිකව පිහිටුවා ඇති ඊශ්‍රායලය යුධ කැබිනට්ටුව සමග සාකච්ඡා කිරීමට නියමිත බව ඇමරිකානු ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සදහන් කර තිබේ.
මේ අතර ඊශ්‍රායලය විසින් හදිසි යුධ ආධාර ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 10 ක මුදලක් ඉල්ලා සිටි බවද බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.