පාර්ලිමේන්තු කාරක සභාවල හඩපට පිටට දිය නොහැකි බවත් එය පාර්ලිමේන්තුව විසින් ගත් තීන්දුවක් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදී කතානායක වරයා මේ බව දැනුම් දුන්නේය. පසුගියදා පාර්ලිමේන්තු කාරක සභාවේ දී තමාට කළ තර්ජනය නිසා තමාගේ වරප්‍රසාද කඩවී ඇති අතර එම වරප්‍රසාද ප්‍රශ්නයට අදාළ කාරක සභාවේ සභාපතිවරයාට එම චෝදනාව එල්ල කරන බව පැවසූ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සදහන් කළේ මහජන නියෝජිතයකු ලෙස තමා මීට අදාළ හඩපට ඉල්ලා සිටි බවය.තමාට එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් අධිකරණයට යාමට බලාපොරොත්තු වන බව මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසීය. කෙසේ නමුත් කාරක සභා වල හඩපට පිටට ද ලබා දිය නොහැකි බවත් අවශ්‍ය විටෙක ඒවා වරප්‍රසාද කමිටුවේ දී වාදනය කළ හැකි බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන  ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *