කංසා නීතිගත කිරීමට යෝජනා කළ ද කන්සා භාවිතා කරන පුද්ගලයා නිසා කාන්තාවන් හා ළමයින් දැඩි ලෙස පීඩා විඳින බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.
කංසා භාවිතා කළ පුද්ගලයන්ගෙන් කාන්තාවන්ට සහ දරුවන්ට වින විඳීමට සිදුවන දුක් ගැහැට පිළිබඳ ගමකට ගියා නම් හොඳින් අත්දැකීම් ලබාගත හැකි බවද ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය කීය. කාන්තාවන්ට හා ළමයින්ට ඇතැම් විට සමාජ මාධ්‍ය හරහා වද හිංසා සිදු වන අතර නමුත් ඊටත් වඩා දස ගුණයක වධහිංසා කංසා හා නීති විරෝධී මත්පැන් භාවිතා කරන පුද්ගලයා නිසා කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන බවද කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කීවාය.