ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියෙදි දැඩි විනිවිද භාවයකින් සහ අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි අධ්‍යයනයකින් කටයුතු කිරීමට රජය සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියබලාපිටිය පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය.
රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය පිළිබඳ විමසා සිටි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ කියා සිටියේය.
එහි ඉදිරි කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව ඉදිරියට පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් එහිදී සියලු පාර්ශ්ව යෝජනා සලකා බලමින් වඩාත් ප්‍රායෝගික ක්‍රියාවලියට යෑමට සූදානම් බවත් ඇතැම් අවධාරණය කළේය.