වර්තමාන මැදපෙරදිග මතු වී ඇති යුද තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය

මෙම කරුණු පිළිබඳ ලිඛිතව ද කතානායකවරයාට තමා ඇතුළු මන්ත්‍රීවරුන් නව දෙනෙකු ඉල්ලීමක් කළ බවද ඒ අනුව හෙට 19 බ්‍රහස්පතින්දා මෙම විවාදය පැවැත්විය යුතු යැයි ද ගම්මන්පිල මන්ත්‍රීවරයා යෝජනා කළේය.

මැද පෙරදිග ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට සෘජුවම බලපාන බව ද ලක්ෂ ගාණක ශ්‍රී ලාංකිකයන් පිරිසක් එම රටවල ජීවත්වන බවද එම නිසා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තුව සභා කටයුතු විවාදයකින් තොරව සම්මත කර මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ එක්දින විවාදයක් පැවැත්විය යුතුයැයිද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා කීය. මේ පිළිබඳ ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කරන බව කතානායක වරයා දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *