මෙම අය-වැයෙන් ජනතාවට සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුන්වෙනි පාර්ශවයක් හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීම් කර ඇත.

මේ අතර ජනතාව ඉතා දුෂ්කර කාල සීමාවක පසු වන නිසා ඒ පිළිබඳ අවධානය යොමු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි ද පසුගියදා පැවති පොදුජන පෙරමුණ රැස්වීමකදී සාකච්ඡා වී තිබේ.

විදුලි බිල වැඩි කිරීමට පොදු ජන පෙරමුන මන්ත්‍රීවරුන් දැඩි ලෙස මේ වන විට විරුද්ධ ව සිටින බව ද දැනගන්නට ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බව මෙහිදී දැනුම්දී ඇති බව ද වාර්තා වේ.

මෙම කරුණු පොදුජන පෙරමුණ සමඟ සමීපව කටයුතු කරන වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ග ආරංචිමාර්ග ඔස්සේ වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *