රැකියා 100000 වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ බහුකාර්ය සංවර්ධන පුහුණුලාභීන් 7317 දෙනෙකු ඉන් ඉවත්ව ගොස් ඇති බැවින් මෙකී පුහුණුලාභීන් සඳහා මාසිකව ගෙවනු ලැබූ රුපියල් 22,500ක මූල්‍ය නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉවත්වූ පුහුණුලාභීන් සඳහා මසක දීමනාව රුපියල් මිලියන 164.63ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙකී වැඩසටහනේ දෙවන අදියර යටතේ අලි වැට නඩත්තු සහායකයන් ලෙස බදවාගත් 3541 දෙනෙකු නයිටා ආයතනයේ පුහුණු වැඩසටහනකට සහභාගී වී තිබූ අතර පුහුණු අවසානයේ ඉන් 94 දෙනෙකු ඉවත් ව තිබිණි. රැකියා 100000 වැඩසටහන යටතේ ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින වෙන විට වෙනවිට පුහුණුලාභීන් තිස් අට දහස් තුන්සිය හැත්තෑ පස් දෙනෙකු බදවා ගැනේ තිබිණි.
මේ පිළිබඳ බහු කාර්ය සංවර්ධන කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ, පුහුණු ලාභීන් පුහුණු කාලය තුළ විවිධ හේතූන් මත ඉවත්ව ගොස් ඇති බවය . ඔවුන් පළමු මාසයේ න්‍යායාත්මක පුහුණුවෙන් අනතුරුව රජය විවිධ ආයතන සදහා අනියුක්ත කරනු ලැබ ඇති බැවින් මෙලෙස එම ආයතන සදහා සේවය සපයා ඇති බව දන්වා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.